පෙරවරු 11 ට පමණ රැකියාව නිමවී සිය නිවසට යමින් සිටි 20 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කළ බවට සැකපිට 31 හැවිරිදි පුද්ගලයෙකු Nagoya පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Aichi ප්රාන්තයේ Nisshin හි ජීවත් වන කනිෂ්ඨ උසස් පාසල් ගුරුවරයෙක් වන Hajime Akanuma නම් සැකකරු විසින් Nagoya හි Midori ward පදික වේදිකාව දිගේ ඇවිද යමින් සිටි කාන්තාවගේ පිටුපසින් පැමිණ ඇයව අල්ලා ඇති බව පොලිසිය සඳහන් කළේය. ඔහු තම උඩුකය ඇදුම ඔසවා ඇගේ පපුව ප්රදේශය අල්ලා ගත් බව පවසමින් කාන්තාව පොලිසියට චෝදනා ගොනු කර ඇත.
Akunuma පලා ගිය මෝටර් රථයේ බලපත්ර තහඩුවේ ඡායාරූපයක් ගැනීමට මෙම කාන්තාව සමත් වී ඇති අතර ඇය Akunuma නොහඳුනන බව පොලිසියට පවසා තිබේ. අත්අඩංගුවට පත් වූ Akunuma විසින් එම චෝදනාව ප්රතික්ෂේප කර ඇති බව පොලිසිය පැවැසීය .