සෝදිසි කිරීම් වලට ලක් වූ ක්‍රියාකරුගේ කාර්යාලය


ගිලුණු යාත්‍රාවේ ක්‍රියාකරුගේ කාර්යාලය සෝදිසි කරයි

.

වෙරළාරක්ෂක නිලධාරීන් විසින් සතියකට ඉහතදී පුද්ගලයින් 26 දෙනෙකු සමඟ හොක්කයිඩෝ ඔබ්බෙන් වූ මුහුදේදී ගිලී ගිය Kazu l සංචාරක බෝට්ටුවේ ක්‍රියාකරු වූ Seiichi Katsurada ගේ කාර්යාලය තුළ සෝදිසි මෙහෙයුම් සඳුදා ක්‍රියාත්මක කළ අතර, මෙම ඛේදවාචකය දැඩි වෘත්තීය නොසැලකිල්ල නිසා සිදු වූවක් බවට සැක පළ කර තිබේ. 

 

1 වන ප්‍රාදේශීය වෙරළාරක්ෂක මූලස්ථානය විසින් Hokkaido වල Shari හි Shiretoko Yuransen වෙතින් එකතු කරන ලද ලේඛන සොයා බැලීමට නියමිත අතර , ක්‍රියාකරුට එරෙහිව නඩුවක් ගොඩනැගීම සඳහා සිද්ධිය අවබෝධ කර ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට ඔවුන් උත්සාහ කරන බව පැවැසේ. 

 

මහ මුහුදේ සැර රළ සහ කැළඹීම් නොතකා කපිතාන් හට පිටව යන ලෙස Katsurada නැවත නැවතත් බල කරන්නට ඇතැයි මෙම ක්‍රියාකරුගේ ව්‍යාපාරය පිළිබඳ දැනුමක් ඇති පුද්ගලයින් විසින් ඔහුට එරෙහිව චෝදනා එල්ල කොට තිබේ.

131 Views

Comments