මැයි 2 වන සඳුදා දින පාන්දර 2.40 පමණ වයස අවුරුදු 20 ක වියට්නාම ජාතිකයෙකු යැයි සැක කෙරෙන කාන්තාවක් අගනුවර වීදියක සැක සහිත තත්ව යටතේ වැටී සිටියදී සොයා ගෙන ඇති අතර ඇය රෝහල් ගත කිරීමෙන් අනතුරුව පෙරවරු 10 ට පමණ මියගොස් ඇති බව වාර්තා වේ .
මෙට්රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ Motofuji පොලිස් ස්ථානයට අනුව හදිසි සේවා අංශයේ ගිලන් රථයක් සඳහා පාන්දර ලැබුණු ඇමතුමක් අනුව Bunkiyo Ward හි Yushima දිස්ත්රික්කයේ වීදියක වැටී සිටියදී ඇයව සොයාගෙන ඇති අතර එම කාන්තාව සන්තකයේ තිබූ හැදුනුම්පතකින් ඇය වියට්නාම ජාතික බව හෙළිවී තිබේ.
මියගිය කාන්තාවගේ මුඛය තුළ තෙත් තුවායක් සිර කර තිබීම නිසා ඇය අපරාධයකට ගොදුරු වන්නට ඇතැයි පොලිසිය සැක කරයි . කාන්තාවගේ ශරීරයේ බාහිරින් කැපී පෙනෙන තුවාල කිසිවක් නොතිබූ අතර මුහුණ කඩා වැටී තිබූ බව පොලිසිය පැහැදිලි කළේය.