දශක දෙකක කාලයක් තිස්සේ සිදුවූ වැරදුණු බදු එකතුව


Soka නගරයේ බදු වැරදි ලෙස ගණනය කර ඇති බව හෙළිවේ

.

නැගෙනහිර ජපානයේ සයිටාමා ප්‍රාන්තයේ Soka නගරය විසින් වසර 20කට වැඩි කාලයක් තිස්සේ දේපල සහ නගර සැලසුම් බදු වලින් කොටසක් වැරදි ලෙස ගණනය කර එකතු කර ඇති බව නිවේදනය කර ඇති අතර හඳුනාගෙන ඇති දෝෂ අති විශාල වන බව පැවැසේ. 

 

160,000 වූ නගරයේ මුළු භූමි ප්‍රමාණයෙන් දළ වශයෙන් වර්ග කිලෝමීටර් 27 ක් පමණ එනම් 9% වූ දේපල ප්‍රමාණයක් මෙමගින් ආවරණය කෙරේ. බදු ආපසු ගෙවීම සහ අමතර බදු අයකිරීම් අවශ්‍ය වන බැවින්, නගර ආන්ඩුව අභ්‍යන්තර විමර්ශන කණ්ඩායමක් පිහිටුවා මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වමින් සිටී.

 

"මම පුරවැසියන්ගෙන් සහ බදු ගෙවන්නන්ගෙන් අවංකවම සමාව අයදිනවා. නිශ්චිත හේතුවක් සොයාගැනීම සඳහා අපි වහාම විමර්ශනය කරගෙන යනවා " යනුවෙන් Soka නගරාධිපති Masashi Asai අදහස් දක්වමින් පැවැසීය.

138 Views

Comments