CT Scan භාවිතයෙන් අග්න්‍යාශ පිළිකා හඳුනාගැනීමේ උත්සාහය


Southern Tohoku මහරෝහල මගින් අග්න්යාශ පිළිකා හඳුනාගැනීම සඳහා CT scan යන්ත්‍ර භාවිතා කිරීමට උත්සහ කරයි

.

Fujitsu සහ Southern Tohoku මහ රෝහල විසින් ප්‍රතිවිරෝධතා කාරකයක් නොමැතිව පරිඝනක Tomography (CT) Scan භාවිතයෙන් අග්න්‍යාශ පිළිකා කල්තියා හඳුනාගැනීම සඳහා AI තාක්‍ෂණය පිළිබඳ ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘතියක් දියත් කර තිබේ. 

 

නව AI තාක්‍ෂණය දකුණු Tohoku මහ රෝහල විසින් සපයන ලද අග්න්‍යාශ පිළිකා රෝගීන්ගේ නිර්නාමික CT රූප 300 ක දත්ත භාවිතා කරමින් වැඩිදියුණු කර ඇති අතර අවයවවල හැඩය සහ පිළිකා මත පදනම්ව ප්‍රශස්ත රූප විශ්ලේෂණ ක්‍රමයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ . 

 

ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘතියේදී CT Scan මගින් අග්න්‍යාශ පිළිකාවේ මුල් සලකුණු හඳුනා ගැනීම සඳහා වෛද්‍ය වෘත්තිකයන්ට සහාය වන අතර AI තාක්ෂණයේ නව ප්‍රවේශයක් මෙමගින් නියෝජනය කෙරේ. Fujitsu සහ Southern Tohoku මහ රෝහල විසින් අලුතින් සංවර්ධනය කරන ලද මෙම AI තවදුරටත් වැඩිදියුණු කිරීම සදහා සායනික අත්හදා බැලීම් සිදුකරනු ඇති බව පැවැසේ.

119 Views

Comments