මගී බෝට්ටු වලට ජීවිතාරක්ෂක උපාංග සවිකිරීම අනිවාර්ය කළ ජපානය


ජපාන රජය විසින් මගේ බෝට්ටුවල ජීවිත ආරක්ෂක උපකරණ සවි කිරීම අනිවාර්ය කරයි

.

Hokkaido හි Shiretoko අර්ධද්වීපයට ඔබ්බෙන් වූ මුහුදේදී සිදුවූ සංචාරක බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් තවත් 12 දෙනෙකු අතුරුදහන් වීමත් සමඟ සීතල ජලයේ ධාවනය වන කුඩා මගී බෝට්ටු සඳහා විනිවිදක සහිත ජීවිතාරක්ෂක උපාංග සවි කිරීම අනිවාර්ය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.

 

මැයි 27 වන සිකුරාදා දින ප්‍රවාහන අමාත්‍යාංශයේ හදිසි අනතුරු ප්‍රතිචාර විභාග කමිටුවේ තුන්වන රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් වූ අතර, එය විශේෂඥ සාමාජිකත්වය විසින් පුළුල් ලෙස අනුමත කරන ලදී. 

 

කුඩා මගී යාත්‍රාවලට සවි කළ හැකි ප්‍රමාණයේ Slides සහිත ජීවිතාරක්ෂක උපාංග දැනට ජපානය තුළ නොමැති බැවින්, දේශීය නිෂ්පාදකයින් සමඟ ඒකාබද්ධව නව උපාංග සංවර්ධනය කිරීමට අමාත්‍යාංශය සැලසුම් කොට තිබේ.

189 Views

Comments