අස්ථි කොටස් වල අයිතිය සොයා ගැනීමට අපොහොසත් වූ ජපාන පොලිසිය


කැලයකින් හමුවූ අස්ථි වල අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වේ

.

මධ්‍යම ජපානයේ  Yamanashi ප්‍රාන්තයේ කඳවුරු භූමියක් අසලින් සොයාගත් අස්ථි කොටස් 2019 සැප්තැම්බර් මාසයේදී Yamanashi ප්‍රාන්තයේ Doshi ගම්මානයේ කඳවුරු භූමියෙන් අතුරුදන් වූ Narita හි Chiba ප්‍රාන්තයේ ජීවත් වූ 9 හැවිරිදි Misaki Ogura දැරියගේ දැයි හඳුනා ගැනීමට පොලිසිය අපොහොසත් වී ඇති බව පසුගියදා වාර්තා විය. 

 

දේහයෙන් හමුවූ අස්ථි කොටස් වලින් පුද්ගලයා හඳුනා ගැනීමට ප්‍රමාණවත් තරම් DNA එකතු කර ගැනීමට ඔවුන් අපොහොසත් වීම එයට හේතුව වි ඇති අතර වෙනස් පරීක්ෂණ ක්‍රමයක් සමඟ ඉදිරියට යාමට උත්සාහ කරමින් සිටින බව Yamanashi ප්‍රාන්ත පොලිසිය අනාවරණය කළේය. 

 

"අස්ථි මිසාකිගේ නොවන බව මම විශ්වාස කරමි. අස්ථි කොටස් අසල තිබී සොයාගත් සපත්තු ඇතුළු භාණ්ඩවල පරීක්ෂණ ප්‍රතිඵල මෙන්ම ඝන පරීක්ෂණ ප්‍රතිඵල එනතෙක් බලා සිටීමට මම කැමැතියි " යනුවෙන් මැයි 2 දින පොලිසියේ අසාර්ථක DNA පරීක්ෂණය සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් දැරියගේ 39 හැවිරිදි මව වන Tomoko වාර්තාකරුවන්ට පැවැසුවාය.

127 Views

Comments