ටෝකියෝවේ විනෝද චාරිකාවක් පවත්වා උපවාසය නිම කළ මුස්ලිම් වැසියෝ


මුස්ලිම් ජනතාව ටෝකියෝ නුවර දී රාමසාන් උත්සවය සමරයි

.

මෙම වසරේ ජපානයේ Golden Week නිවාඩු සමය මධ්‍යයේ  

ඉස්ලාමීය ශුද්ධ වූ රාමසාන් මාසය අවසන් වීමත් සමඟ බොහෝ මුස්ලිම් වැසියන් එක්ව Tokyo උද්‍යානයකදි විනෝද චාරිකාවක් අතරතුර Eid al-Fitr උපවාසය අත්හැරීම සැමරීම සිදු කොට තිබේ. 

 

ඉස්ලාමයේ ශුද්ධ වූ උපවාස මාසය වන රාමසාන්, මැයි 1 වැනිදා අවසන් වූ අතර, Eid al-Fitr උත්සවය මැයි 2 වැනිදා ආරම්භ විය. මෙනිසා ඉන්දුනීසියාවේ සහ පකිස්තානයේ මුස්ලිම් වැසියන් සිය මිතුරන් සහ පවුලේ අය සමඟ එක්ව ආගමික උත්සවය සැමරීම සහ උපවාසය අත්හැරීම සදහා රවුමක වාඩි වී තම ආහාර අනුභව කළහ.

 

ඉන්දුනීසියාවේ 32 හැවිරිදි ගුරුවරයෙකු වන Muhammad Shalahuddin Sadakin පැවසුවේ “මම කොරෝනා වයිරස් වසංගතයට පෙර අවම වශයෙන් වසරකට වරක්වත් ගෙදර ගිය නමුත් පසුගිය වසර දෙකහමාරක කාලය තුළ මට එය කිරීමට නොහැකි විය. නමුත් මෙවර මේ අයුරින් හෝ සැමරීමට හැකි වීම නිසා මම සතුටු වෙමි" යනුවෙනි.

116 Views

Comments