කයිරෝ දේවස්ථානයක ගින්නකින් ළමුන් 15 දෙනෙකු ඇතුළු 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්වේ.


කයිරෝ දේවස්ථානයේ ගින්නෙන් බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත්වේ

.

ඉරිදා ඊජිප්තුවේ අගනුවර පැවති උදෑසන දේව මෙහෙය අතරතුර බැතිමතුන්ගෙන් පිරීගිය කොප්ටික් ඕතඩොක්ස් පල්ලියක් හරහා ගින්නක් ඇති වූ බවට වාර්තා වේ. එය ඉක්මනින් ඝන කළු දුමාරයකින් පිරී ගොස් ඇති අතර ළමුන් 15 ක් ඇතුළුව වන්දනාකරුවන් 41 දෙනෙකු මිය ගොස් ගලවා ගැනීමේ මෙහෙයුමේ යෙදී සිටි පොලිස් නිලධාරීන් හතර දෙනෙකු ඇතුළු 16 දෙනෙකු තුවාල ලබා ඇත.

 

පොලිස් ප්‍රකාශයකට අනුව මූලික විමර්ශනයේදී විදුලි කෙටි පරිපථයක් පෙන්වා දී ඇති අතර එමගින් ගින්න ඇති වන්නට ඇති බවට සැක පළ කෙරේ.

 

ඇසෝසියේටඩ් ප්‍රෙස් විසින් ලබාගත් වින්දිතයින්ගේ ලැයිස්තුවක් පැවසුවේ මෙම ගින්නෙන් ළමුන් 10 දෙනෙකු ඇතුළු මළ සිරුරු 20 ක් ඉම්බාබා මහජන රෝහල වෙත ගෙන ගොස් ඇති බවට වාර්තා වන අතර පල්ලියේ බිෂොප් අබ්දුල් මසී බකිත් ද රෝහල් මෘත ශරීරාගාරයේ මියගිය අය අතර සිටි බව වාර්තා වේ.

ඉන් මළ සිරුරු 21ක් වෙනත් රෝහල්වලට ගෙන ගොස් ඇත.

186 Views

Comments