බෝම්බයෙන් දිවි ගලවා ගත්තවුන්ගේ දුක් වේදනා නිරූපිත සිනමාපටය


ජපානෙ විනාශකාරීම බෝම්බ පිපිරීම සිනමාපටයක් ලෙස එළිදකියි

.

දෙවන ලෝක සංග්‍රාමයේදී හිරෝෂිමාවට හෙළන ලද පරමාණු බෝම්බයෙන් විනාශ වූ නගරයේ ජීවත් වූ බෝම්බ ප්‍රහාරයෙන් කැළැල් වූ නමුත් දිවි ගලවා ගත් කාන්තාවන් හතර දෙනෙකුගේ දුක් වේදනා නිරූපණය කරන කෙටි චිත්‍රපටයක්  නාගසාකි හි සාම අනුස්මරණ ශාලාවේ  මෑතක සිට පෙන්වීම ආරම්භ කොට තිබේ. 

 

පරමාණු බෝම්බයෙන් විපතට පත් වූවන් අනුස්මරණය වෙනුවෙන් නාගසාකි ජාතික සාම අනුස්මරණ ශාලාවේ ප්‍රදර්ශනය කරන ලද  ඡායාරූප සහ උපමා එකතුවකින් සැදුණු මෙම චිත්‍රපටය "කාන්තා න්‍යෂ්ටික බෝම්බය" නම් වූ තේමාව යටතේ මිනිත්තු 22 ක කාලයක් විකාශනය වේ. 

 

සිය ලිංගභේදය නිසා දුකට මෙන්ම වේදනාවට පත් වූ ආකාරය විස්තර කෙරෙන කාන්තාවන් විසින් ලියන ලද සටහන් මත පදනම් වූ ආඛ්‍යානයක් ලෙස මෙය හැඳින්වෙන අතර බෝම්බයක් නිසා තම ජිවිතයම වෙනස් වි ගොස් විවාහය පවා ඔවුන්ට අහිමි වී ගිය ආකාරය පිළිබඳව මෙහි දෘශ්‍යමාන වේ.

147 Views

Comments