පසුගියදා ඇතිවූ ගිනිකඳු පුපුරා යාමෙන් පසුව නැවුම් ජලය සහ අනෙකුත් සහනාධාර රැගත් ගුවන් යානයක් ප්‍රථම වරට පසුගිය බ්‍රහස්පතින්දා ටොන්ගා දූපත් සමූහයට ලගා විය.
නවසීලන්ත සහ ඕස්ට්‍රේලියා හමුදා ප්‍රවාහන ගුවන් යානාද ජල බහාලුම් , තාවකාලික කඳවුරු සඳහා අවශ්‍ය කරන උපකරණ ,පිරිසිදුකාරක, විදුලි ජනක යන්ත්‍ර සහ සන්නිවේදන උපකරණ රැගෙන ටොංගා දූපත් සමූහයට ළඟා විණි .ඕස්ට්‍රේලියානු ගුවන්යානා වල ගුවන්පථය පිරිසුදු කිරීම සඳහා විශේෂ ඇමදුම් උපාංගයක් ද සවි කර තිබුණි.
රැගෙන ගිය බොහෝ ද්‍රව්‍ය කිසිම හමුදා නිලධාරියකුගේ මැදිහත්වීමකින් තොරව දූපතට ගොඩ බස්සවා තිබූ අතර එයට ප්‍රධාන හේතුවක් වුයේ විදේශිකයින් විසින් ටොංගා දූපතට corona වෛරසය රැගෙන ඒම වැළැක්වීමයි. දූපත තුළ කිසිදු වසංගතය පැතිරීමක් මෙතෙක් සිදු නොවී තිබූ අතර වසංගත පැතිර යාම ආරම්භ වූ සමයේ සිට මෙතෙක් වාර්තා වී ඇත්තේ එකම ආසාදිතයෙක් පමණි.