ඔලිම්පික් ක්‍රීඩකයන් සඳහා හඳුන්වා දුන් ජංගම දුරකථන යෙදවුමේ බරපතළ ආරක්ෂක ගැටළු


2022 මාර්තු මාසේ චීනයේ බීජිං නුවරදී ඔලිම්පික් තරග සඳහා සහභාගි වන සියලුම ක්‍රිඩිකා ක්‍රීඩිකාවන් හට ඔවුන්ගේ ස්මා

.

2022 මාර්තු මාසේ චීනයේ බීජිං නුවරදී ඔලිම්පික් තරග සඳහා සහභාගි වන සියලුම ක්‍රිඩිකා ක්‍රීඩිකාවන් හට ඔවුන්ගේ ස්මාට් ජංගම දුරකථන වල ස්ථාපනය කරගැනීම සඳහා අනිවාර්යෙන් යෙදවුමක් හඳුන්වා දී ඇත. එහෙත් මේ වන විට වාර්තා වී ඇති පරිදි එම යෙදුමේ බරපතළ ආරක්ෂක ගැටලු සහිත බව  සනාථ වී ඇත.

 

Citizen Lab  නම් වූ  අන්තර්ජාල සමාගම පවසන පරිදි එම MY2022 නම් වූ ජංගම දුරකථන යෙදුම හරහා ක්‍රීඩකයන්ගේ දත්ත පරිගණක හැකර් කරුවන් ට නිරාවරණය වීමට බොහෝ ඉඩකඩ ඇත . එනම් මෙම යෙදුම හරහා ක්‍රීඩකයන්ගේ දත්ත චීනය තුළ ඕනෑම internet සේවා සපයන්නෙකුට හෝ සන්නිවේදන සමාගම් වලට ඕනෑම තැනක සිට කියවිය හැකි බවයි .

 

කෙසේ වෙතත් චීනය ඔලිම්පික් තරග සඳහා සහභාගි වන සියලුම අන්තර්ජාතික ක්‍රීඩකයන්ට, මාධ්‍යවේදීන්ට, පුහුණුකරුවන්ට හා විනිශ්චයකරුවන් ට ඔවුන් පිටත් වීමට දින දාහතරකට පෙර මෙම යෙදුම ඔවුන්ගේ ජංගම දුරකථන වලට ස්ථාපනය කරගන්නා ලෙස ඉල්ලා ඇත. මේ හරහා ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය දෛනිකව වාර්තා කළ හැකි ලෙස සකස් කර තිබේ.  

 

 

 

353 Views

Comments