සත්වෝද්‍යානයේදි මියගිය අලුත උපන් ජිරාෆ් පැටවා


Tennoji සත්වෝද්‍යානයේ දී උපත ලද ජිරාෆ් පැටියා මියයයි

.

බටහිර ජපානයේ Osaka නගරයේ Tennoji ward හි පිහිටි Osaka's Tennoji සත්වෝද්‍යානයේදි මව Harukasu හා පියා Koya ට දාව අප්‍රේල් 26 උපත ලැබු දින 6 ක් වයසැති ජිරාෆ් පැටවා මැයි 2 වන දින මිය ගිය බව සත්වෝද්‍යාන නිලධාරීන් වාර්තා කළේය . 

 

ජිරාෆ් පැටවාගේ මරණයට හේතුව විමර්ශනය කරන සත්වෝද්‍යාන නිලධාරීන් පැවැසුවේ "පැටවාගේ මව හරුකාසු ප්‍රමාණවත් තරම් කිරි නිකුත් නොකිරීම නිසා පසුදා සිට කෘත්‍රිම කිරි භාවිතා කර ඔහු පෝෂණය කිරීම ආරම්භ කළා. පසුව ළදරුවා අසූචි පිටකිරීමට දඟලමින් සිටි නිසා ප්‍රති-පිත්ත වායුව කිරිවල මිශ්‍ර වී ඇතැයි අපි විශ්වාස කරනවා" යනුවෙනි. 

 

මැයි 2 දින උදේ 8 ට පමණ පැටවා කිරි පානය කල නමුත් පෙරවරු 10.50 ට පමණ ඔහු බිම වැතිර සිටිනු සත්වෝද්‍යාන පාලකයෙකු දැක ඇති අතර, ඔහුගේ මරණය ඉක්මනින්ම තහවුරු වී තිබේ. දෙමව්පියන්ගේ පෙර පැටවුන් දෙදෙනාද මෙලෙසින්ම ඉපදී වැඩි කල් නොගොස් මිය ගොස් ඇති බව සඳහන් වේ.

122 Views

Comments