Kyoto ප්‍රාන්තයේ Kamigyo Ward හි Nichiren නිකායේ ප්‍රධාන දේවාලය වන Ryuhonji විහාරස්ථානයේ තැන්පත් කොට තිබියදී 2021 වසරේ සොරකම් කරන ලදැයි සැලකෙන බෞද්ධ ප්‍රතිමාවක් නිරිතදිග ජපානයේ Oita ප්‍රාන්තයේ පෞරාණික භාණ්ඩ අලෙවිකරුවෙකු විසින් අන්තර්ජාල වෙන්දේසි අඩවියක විකිණීමට තබා ඇති බව වාර්තා වූ බව Kyoto ප්‍රාන්ත පොලිසිය පැවැසීය.
Ryuhonji හි නිලධාරීන්ට අනුව සොරකම් කරන ලද "Gattenji" බුද්ධ ප්‍රතිමාව උසින් 50Cm පමණ වන අතර එය ලීයෙන් සාදා තිබේ . මෙම ප්‍රතිමාව 1708 ට පෙර, විහාරය එහි වර්තමාන ස්ථානයේ නැවත ගොඩනඟන විට හමුවී තිබේ.2021 ජූනි 7 වැනි දින උදෑසන ප්‍රධාන ශාලාවේ තැන්පත් කර තිබූ ප්‍රතිමාව අතුරුදහන් වී ඇති බව අමුත්තෙකු විසින් දැක ඇති අතර පසුව විහාරස්ථානය විසින් ප්‍රාන්ත පොලිසියට සිද්ධිය වාර්තා කොට තිබේ .
මැයි 1 වන දින, Yahoo Japan Cooperation හි වෙන්දේසි භූමියේ යෙන් 1,000 කට විකිණීමට සැලසුම් කර බෞද්ධ ප්‍රතිමාවට ලංසු තබා තිබූ නමුත් මැයි 2 දා දහවල් වනවිට අලෙවිය අවලංගු කර ඇති බව සොරකම පිලිබදව විමර්ශනය කරන පොලිස් කණ්ඩායම පැවැසීය.