අගමැතිගේ අග්නිදිග ආසියාවේ හා යුරෝපයේ සංචාරය


ජපාන අගමැති එළඹෙන සතියේ ආසියාවේ හා යුරෝපයේ සංචාරය කිරීමට නියමිතයි

.

සිකුරාදා සිට සතියක් පුරාවට අග්නිදිග ආසියාවේ සහ යුරෝපයේ සංචාරය කිරීම සඳහා ජපාන අගමැති Fumio Kishida සැලසුම් කර ඇති බව නියෝජ්‍ය ප්‍රධාන කැබිනට් ලේකම් Seiji Kihara අඟහරුවාදා පැවැසීය. 

 

Kishida මැයි 6 දක්වා වූ දින 8 ක‍ කාලය තුළ ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය, ඉතාලිය සහ බ්‍රිතාන්‍යයට ගොස් එම රටවල් වල නායකයින් සමඟ යුක්‍රේනයේ රුසියානු යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව Kihara පාර්ලිමේන්තු රැස්වීමකදී පැවසීය.

 

රුසියානු හමුදා තම රටින් පලවා හැරීමට තවත් ආයුධ ඇතුළු ගෝලීය සහාය වෙනුවෙන් යුක්‍රේනය කළ ඉල්ලීම් වලට මෙන්ම යුද්ධය මඟින් නිර්මාණය කර ඇති මානුෂීය අර්බුදයට පිළියම් සෙවීම සංචාරයේ එක් අරමුණක් ලෙස සදහන් වේ.

125 Views

Comments