ජපානයේ සාම්ප්‍රදායික නව තේ දළු නෙළීම ආරම්භ වේ


ජපානයේ නව තේ දළු නෙළීමේ නෙළීමේ සම්ප්‍රදායක උත්සවය ආරම්භ විය

.

2022 මැයි 2 වන සඳුදා  දින සාම්ප්‍රදායික " Kasuri " සායම් දැමූ රෙදිපිළිවලින් සැරසී සිටින කාන්තාවන් විසින් මධ්‍යම ජපානයේ ප්‍රධාන "Matcha" තේ දළු නිෂ්පාදන ප්‍රදේශය වන Aichi ප්‍රාන්තයේ Nishio නගරයේ පිහිටි Inariyama තේ උද්‍යානයේදී නව තේ දළු නෙළීම ආරම්භ කොට තිබේ.   

 

සාම්ප්‍රදායික ජපන් දින දර්ශනයට අනුව වසන්ත සමය ආරම්භයේ සිට 88 වන දින, ගොවීන් සාමාන්‍යයෙන් කාර්යබහුල දිනයක් ලෙස හැඳින්වේ. මෙහි වැඩෙන තේ දළු කොළ සිහින් සහ මෘදු වීම සදහා වගාවට හිරු එළිය වැටීම අවම කිරීමට තහඩු වලින් ආවරණය කර තිබේ. එය තේ කොළය පැහැදිලිවම දීප්තිමත් කොළ පැහැයක් බවට පත් කිරීමට සහ එහි පැණි රස සහ Umami වැඩි කිරීමට උපකාරී වේ. 

 

Nishio හි තේ ව්‍යාපාරික සංගමයට අනුව, Matcha කුඩු සෑදීමට භාවිතා කරන තේ දළු "Tencha" මෙට්‍රික් ටොන් 337 ක් පමණ ප්‍රමාණයක් 2021 දී නගරයේ නිෂ්පාදනය කොට ඇති අතර අප්‍රේල් අග සහ මැයි මුල අතර කාලයේදී හමුවන Golden Week නිවාඩු සාමයෙන් පසුව වගාවේ  තේ දළු නෙලීම සම්පූර්ණයෙන්ම ආරම්භ වේ.

Comments