අඛණ්‌ඩව පහත වැටෙන ජපානයේ ළමා ජනගහනය  


ජපානයේ කොරෝනා වසංගතය හේතුවෙන් ළමා ජනගහනය අඩු වෙන සලකුණු මතුවෙයි

.

පැතිරෙන Corona වෛරස වසංගතය හේතුවෙන් කාන්තාවන් දරුවන් සෑදීමෙන් වැළකී සිටින බැවින් අඛණ්ඩව 41 වන වසර සඳහා ජපානයේ ඇස්තමේන්තුගත ළමා ජනගහනය වාර්තාගත අවම මට්ටමකට පත්වී ඇති බව රජයේ දත්ත බදාදා පෙන්වා දුන්නේය. 

 

විදේශිකයන් ද ඇතුළුව  රට තුළ වයස අවුරුදු 14 හෝ ඊට අඩු ළමුන් සංඛ්‍යාව අප්‍රේල් 1 වන විට මිලියන 14.65 ක් බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. 

 

එය පෙර වසරට වඩා 250,000 කින් පමණ අඩු වූ අතර 1950 න් පසු වාර්තා වූ අවම මට්ටම විය . දැනට ලොකයේ මිලියන 40 කට වැඩි ජනගහනයක් සහිත  රටවල් 35 අතුරින් අඩුම වාර්ෂික ළමා අනුපාතය සහිත රට ජපානය බවට පත්ව තිබේ.

Comments