සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නව මෘදුකාංගය


ඉංග්‍රීසි භාෂා හැකියාව අනේ කර ගැනීම කර ගැනීම සඳහා නව මෘදුකාංගයක් නිර්මාණය වේ

.

නගරයේ අධ්‍යාපන මණ්ඩලය විසින් දෙවන වසරේ ඉගෙනුම ලබන කනිෂ්ඨ උසස් පාසල් සිසුන් 441 දෙනෙකුගේ ටැබ් පරිගණකවලට AI මත පදනම් වූ ඉංග්‍රීසි අධ්‍යයන යෙදුමක් ස්ථාපනය කර ඇති බව නගරය විසින් මෑතකදී නිවේදනය කළේය.

 

මෙම ELSA Speak යෙදුම සිසුන්ගේ ඉංග්‍රීසි උච්චාරණය සහ කථන හැකියාව වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති අතර අධ්‍යාපන මණ්ඩලයට අනුව ජපානය තුළ රජයේ කනිෂ්ඨ උසස් පාසලක‍ මෙවැන්නක් භාවිතා කළ ප්‍රථම වතාව මෙය වේ. 

 

තාක්‍ෂණයේ දැවැන්තයා වන Google LLC හි AI ආයෝජන අංශයේ සහාය ඇතිව සංවර්ධනය කරන ලද මෙම යෙදුම, මැයි මාසයේ මැද සිට Kyotango හි කනිෂ්ඨ උසස් පාසල් හයක පූර්ණ පරිමාණයේ භාවිතයට ගැනීමට නියමිතව තිබේ .

138 Views

Comments