මියගිය මවගේ දේහය නිවසේ වැසිකිළියේ දමාගිය දියණිය


මියගිය මවගේ දේහයට නිසි ගෞරවය ලබා නොදුන් දියණිය අත්අඩංගුවට පත්වෙයි

.

Kagoshima ප්‍රාන්තයේ Kikai හි පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පොලිසියෙන් ලද වරෙන්තුවටකට අනුව, සිය මවගේ දේහය නිවසේ වැසිකිළියේ දමා ගිය බවට සැකපිට Setsuko Suzuki නම් වූ 47 හැවිරිදි රැකියා විරහිත කාන්තාවක් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇති 

බව වාර්තා වේ. 

 

අප්‍රේල් 26 වැනිදා උදෑසන ප්‍රාන්ත රාජ්‍ය නිලධාරියෙකු ඇයගේ නිවසට පැමිණි මොහොතේදී Suzuki ගේ සැක සහිත හැසිරීම සහ නිවසේ වැසිකිලිය අසල නිල මැස්සන් ගැවසීම අධීක්ෂණය කළ නිලධාරියා ඒ  පිළිබඳව පොලිසියට වාර්තා කොට ඇත.

 

පොලිසිය ප්‍රශ්න කිරීම් හමුවේ තම මව වන 79 හැවිරිදි Oyama සති දෙකකට පමණ පෙර මිය ගිය බවත් තමන් කුමක් කළ යුතු දැයි සිතා ගැනීමට නොහැකි වූ බැවින් ඇගේ දේහය වැසිකිළියට දැමූ බවත‍්  Suzuki පොලිසියට පවසා තිබේ.

181 Views

Comments