රුසියාවේ තෙල් තහනමට ඍණාත්මක ආකල්පයක් එක්කළ ජපානය


රුසියාව හා ජපානය අතර මතභේද තවදුරටත් පවත්වාගෙන යයි

.

යුක්‍රේනයේ මොස්කව් ආක්‍රමණයට එරෙහිව පනවනු ලබන අතිරේක සම්බාධකයක් ලෙස රුසියාවෙන් තෙල් ආනයනය තහනම් කිරීමේ සැලැස්ම සම්බන්ධයෙන් යුරෝපීය සංගමය සමඟ  එකඟ වීම පිළිබඳව ජපානයේ කර්මාන්ත ඇමති විසින් බදාදා නිෂේධාත්මක අදහසක් ඉදිරිපත් කොට ඇති බව වාර්තා වේ .

 

"ජපානය සතුව ඇත්තේ සීමිත සම්පත් ප්‍රමාණයක් බැවින් අපට වහාම අනුගත වීම දුෂ්කර ය" යනුවෙන්  වොෂින්ටනයේදී ජ්‍යෙෂ්ඨ එක්සත් ජනපද නිලධාරීන් හමුවීමෙන් පසුව අදහස් දක්‌වමින් ආර්ථික, වෙළඳ සහ කර්මාන්ත අමාත්‍ය Koichi Hagiuda විසින් වාර්තාකරුවන්ට පැවසීය.

 

යුරෝපීය කොමිසමේ සභාපති Ursula Von der Leyn විසින් මේ වසර අවසන් වන විට රුසියාවෙන් අනෙකුත් රටවල් වලට සිදු කරන සියලුම තෙල් ආනයනයන් තහනම් කිරීමට කලාපීය කණ්ඩායම යෝජනා කරන බව ප්‍රකාශ කිරීමෙන් පසුව Haguida විසින් මෙම අදහස් පළ කරන ලදී .

173 Views

Comments