තවදුටත් දැඩි වන රුසියානු සම්බාධක


ජපානයේ රුසියාව කෙරෙහි ඇති සම්බාධක තවත් තර කිරීමට සූදානම් බව ප්‍රකාශ කරයි

.

හවුල්කරුවන් හත්දෙනා අතර පැවැති සම්බන්ධීකරණයෙන් අනතුරුව " ඕනෑම තත්වයක් යටතේ යුක්‍රේනයේ ආක්‍රමණශීලී හැසිරීම සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව ජපානය සිය සම්බාධක තන්ත්‍රය පුළුල් කිරීමට  අවශ්‍ය පියවර ගන්නා බවට " අදහස් දක්‌වමින් අගමැති Fumio Kishida බ්‍රහස්පතින්දා ප්‍රතිඥා දී තිබේ  .

 

මේ යටතේ රුසියාවේ සම්බාධක පැනවීමක් සිදු නොකළ තවත් බැංකු කිහිපයක සහ අතිරේක පුද්ගලයින් 140ක පමණ වත්කම් කැටි කිරීමට මෙන්ම අතිරේක හමුදා ආයතන 70ක් පමණ ඉලක්ක කොට අපනයන තහනමක් පැනවීමට නියමිත බව Kishida ලන්ඩනයේ පැවති මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දක්‌වමින් ප්‍රකාශ කළේය .

 

Kishida ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය සහ ඉතාලිය යන රටවල් පහක සංචාරය අවසන් කර ඇති හෙයින්, ක්වොන්ටම් පරිගණක වැනි උසස් තාක්ෂණය භාවිතා කරමින් රුසියාවට භාණ්ඩ අපනයනය කිරීම ද තහනම් කිරීමට නියමිත බව ඔහු පැවසීය.

Comments