බීමතින් සිටි 20 හැවිරිදි කාන්තාවකට හෝටලයකදී ලිංගික අතවර කළ බවට සැකපිට 50 හැවිරිදි පුද්ගලයෙකු Shimane ප්‍රාන්තයේ Matsue පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සමාගමේ සේවකයෙකු වන Yasuhiro Yamashita නම් සැකකරු විසින් , මැයි 3 වැනිදා පාන්දර 3.45 ට පමණ ඇයව තම මෝටර් රථයට දමාගෙන ප්‍රේම හෝටලයකට රැගෙන ගොස් පහර දී ලිංගිකව හැසිරී ඇති බව පොලිසිය සඳහන් කළේය. ඇය Yamashita සමඟ මත්පැන් පානය කළ පිරිසක් අතර සිට ඇති අතර එදින රාත්‍රියට පෙර ඔවුන් එකිනෙකා නොහඳුනන බව සඳහන් වේ.
එම සිද්ධියෙන් පැය හයකට පමණ පසු ඔහු විසින් ඇයව නැවත සිය හෝටලය වෙත රැගෙන ගොස් තිබේ .Yamashita එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු එම කාන්තාව තම මෝටර් රථයට දමා ගෙන ඇත්තේ “ඇයව බලාගැනීමට ” පමණක් බව පැවසූ බව පොලිසිය ප්‍රකාශ කළේය .