න්‍යෂ්ටික ව්‍යසනයෙන් පසු පළමු වරට විවෘත වූ  ෆුකුෂිමා කඳවුරුභූමිය


ෆුකුෂිමා න්‍යෂ්ටික අනතුරෙන් පසුව කඳවුරු නැවත විවෘත වේ

.

2011 ෆුකුෂිමා Daiichi න්‍යෂ්ටික බලාගාරයේ දියවීම් හේතුවෙන් වසා දමා තිබූ ඊසානදිග ජපානයේ ගම්මානයක් කේන්ද්‍රකොට ගෙන පැවති සංචාරක ස්ථානයක් විසින් පලමු වරට එහි කඳවුරු භූමිය අප්‍රේල් 23 වන දින නැවත ජනතාව වෙනුවෙන් විවෘත කර තිබේ .

 

ෆුකුෂිමා ප්‍රාන්තයේ Iitate හි "Sonmin no mori Ai no sawa" හි නැවත විවෘත කළ කඳවුරු භූමිය "Golden Week " නිවාඩු කාලය තුළ එළිමහන් ක්‍රියාකාරකම් භුක්ති විඳිමින් සතුටු වන අමුත්තන්ගෙන් අතිශය කාර්යබහුල වි තිබිණි .

 

ජලාශයක් වටා සකස් කළ කඳවුරු බිමකින් සහ නාන පහසුකම් වලින් මෙම ස්ථානය සමන්විත වුවත් පසුගිය මාර්තු මාසයේදී ෆුකුෂිමා ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් ඇතිවූ භූමිකම්පාවක් නිසා නාන පහසුකම් හානියට පත් වීම හේතුවෙන්  දැනට භාවිතයට ගැනීමක් සිදු නොකෙරේ .නරඹන්නන් වෙනුවෙන් නොමිලේ විවෘත වන කඳවුරු භූමියට පැමිණිම සදහා දින වෙන් කිරීම් අවශ්‍ය වන අතර පහසුකම් පිළිබඳ ප්‍රතිපෝෂණ ලබා දෙන ලෙස සංවිධායකයන් අමුත්තන්ගෙන් ඉල්ලා සිටී.

Comments