ජපානයේ "ගෝල්ඩන් වීක්" නිවාඩු කාලය නිමා වේ


Golden week නිවාඩු සමය නිමා වේ

.

වසර තුනකට පසු පළමු වතාවට Corona වෛරස ආසාදන පැතිරීම වැළැක්වීමේ සංචරණ සීමා නොමැතිව ආරම්භ වූ මේ වසරේ Golden Week නිවාඩු සමය මැයි 5 වැනි බ්‍රහස්පතින්දා දිනයෙන් අවසන් වූ බැවින් ආපසු නිවෙස් වෙත පැමිනෙන සංචාරකයන්ගෙන් Shinkansen Bullet දුම්රිය සහ අධිවේගී මාර්ග පිරී ගොස්‌ ඇති අයුරු දැකගත හැකි විය .

 

ජපාන මාර්ග රථවාහන තොරතුරු මධ්‍යස්ථානයට අනුව රාත්‍රී 7.30 ට පමණ බටහිර ජපානයේ Awaji දූපත සහ Osaka අසල Kobe නගරය සම්බන්ධ කරන Akashi Kaikyo පාලම වටා ඇතුළු වන මංතීරු දිගේ 37Km ක පමණ මාර්ග තදබදයක් ඇති වි තිබේ .

 

මධ්‍යම ජපන් දුම්රිය සමාගම පැවසුවේ, ටෝකියෝ බලා යන Nozomi Bullet දුම්රිය, සවස 2.09 ට Shin-Osaka දුම්රිය ස්ථානයෙන් පිටත් වූ අතර එහි කිසිඳු ආසන වෙන් කිරීමක් සිදු නොකළ බවයි.

 

මූලික සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය වසරේ මැයි 5 දිනයේ දුම්රිය ස්ථානයේ රැඳී සිටීමේ අනුපාතය 60% ක් වුවත් මේ වසරේ එය 100% ක උපරිමය බවට පත්ව ඇති අතර ජපාන වැසියන් සිය Golden Week නිවාඩු සමය උපරිමයෙන් භුක්ති විඳි බව මේ සියලු වාර්තා වලින් පැහැදිලි වේ .

161 Views

Comments