ජපන් යෙන් අගයෙහි වේගවත් ක්ෂය වීම ජපානයේ නිල සංවර්ධන ආධාර වැඩසටහනට (ODA) බරපතල ලෙස බලපා ඇත.
ඒ යෙන් අගය දුර්වල වූ විට එය ඩොලර් බවට පරිවර්තනය කිරීමේදී ජපන් ආධාර ප්‍රමාණය අඩු වීම නිසායි.
මෙම ආධාර වැඩසටහන රාජ්‍ය තාන්ත්රිකත්වය සඳහා වැදගත් මෙවලමක් ලෙස ජපානය සලකයි.
මේ අනුව ODA ව්‍යාපෘතිවල මුදල් කප්පාදුවක් සිදුකිරීමට වන අතර එය ආධාර ලබන රටවල් සහ ජපානය අතර සබඳතාවලට සෘණාත්මකව බලපෑ හැකි බවටයි ජපන් රජය පවසන්නේ.