ජපානයේ කාන්තා රග්බි 15 හි ප්‍රධාන පුහුණුකරු වූ Lesley Mckenzie සහ ටෙස්ට් තරඟ තුනකින් සමන්විත තරඟාවලියක් සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටින තවත් ක්‍රීඩිකාවන් තිදෙනෙකු Corona වෛරසය හදුනා ගැනීම වෙනුවෙන් සිදුකළ පරීක්ෂා සඳහා ධනාත්මක බව පෙන්නුම් කර ඇති බව ජපාන රග්බි පාපන්දු සංගමය සිකුරාදා ප්‍රකාශ කළේය.
ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදු කළ හතර දෙනා හුදකලා කොට ඇති බව JRFU පැවැසීය . බ්‍රහස්පතින්දා එක් ක්‍රීඩිකාවකට උණ වැළඳුණු පසුව පළමු වරට පරීක්ෂණ සිදු කළ අතර පසුව මුළු කණ්ඩායමම COVID-19 පරීක්ෂණ සදහා යොමු කෙරිණි.
සිකුරාදා දින ආරාධිත Barbarians කණ්ඩායම සමග මෙන්ම ලබන අඟහරුවාදා පස්වන ශ්‍රේණිගත මට්ටමේ සිටින ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්විමට නියමිත තරගාවලි සඳහා Sakura පහළොස් දෙනාට මුහුණ දීමට අවසර ලබා දී ඇති අතර දැනට ලෝක ශ්‍රේණිගත කිරීම් හි 12 වැනි ස්ථානයේ පසුවන ජපානය ඉරිදා පැවැති ආරම්භක තරගාවලියේදි ලකුණු 28-14ක් ලෙස Fiji පිල පරාජය කොට තිබේ.