දේශසීමා පාලනයන් ලිහිල් කිරීමට බලාපොරොත්තු වන ජපානය


ජපානය දේශ සීමා සංචරණ නීති ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙයි

.

එළැඹෙන ජූනි මාසයේදී COVID-19 වසංගතයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ක්‍රියාත්මක කරන ලද ජපාන දේශසීමා පාලනයන්  තවදුරටත් ලිහිල් කර අනෙකුත් ජාතීන් සමඟ සම තත්ත්වයකට ජපානය ගෙන එන බව අගමැති Fumio Kishida බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.

 

ජපානයේ ආසාදන තත්ත්වය මේ වනවිට ස්ථාවර තත්වයකට පත්වෙමින් ඇති බැවින් රජය මහජන සෞඛ්‍ය විශේෂඥයන් සමඟ සාකච්ඡා කොට රටේ COVID-19 ක්‍රියාමාර්ග “අදියරෙන් අදියරට ” සමාලෝචනය කිරීම සිදු කරන බව මාධ්‍ය වෙත වැඩි විස්තර ලබා දීමක් සිදු නොකර Kishisa  ලන්ඩනයේ පැවැති හමුවකදී පැවසීය.

 

රජය ක්‍රමක්‍රමයෙන් නීති ලිහිල් කරමින් සිටින අතර දැනට දිනකට අමුත්තන් ව්‍යාපාරිකයින්, තාක්ෂණික සීමාවාසිකයින් සහ සිසුන් ඇතුළු පුද්ගලයන් 10,000 කට ජපානයට ඇතුළු වීමට අවසර ලබාදී ඇති නමුත්  විදේශීය සංචාරකයින්ට තවමත් රට තුළට ඇතුළු වීමට අවසර ලබාදී නොමැත .

Comments