අගනුවර මැයි 7 වන දින නව Corona ආසාදිත රෝගීන් 3,809 ක් සහ තහවුරු කරන ලද COVID-19 මරණ හයක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.
ඔවුන්ගෙන් 1930 කට COVID-19 එන්නත් දෙකක් ලැබී ඇති අතර 39 කට එක් එන්නතක් ලබා දී තිබේ. නව අසාදිතයන් 854 කට කිසිඳු එන්නතක් ලබා දී නොමැති අතර 986 දෙනෙකුගේ එන්නත් තත්ත්වය නොදන්නා බව පැවැසේ .
අද දින වනවිට ටෝකියෝවේ Corona වෛරසය වෙනුවෙන් නම් කරන ලද ඇඳන් 7229 න් 1128 ක් එනම් 15.6% ආසාදිතයින්ගෙන් පිරී ගොස් තිබේ. ටෝකියෝවෙන් මේ දක්වා මුළු ආසාදිතයින් 1,459,374 ක් වාර්තා වී ඇති අතර එය ජපානයේ ප්‍රාන්ත 47 න් වැඩිම සංඛ්‍යාව වේ.