යුක්රේන ආක්‍රමණයේදී රුසියාව ක්‍රියාකරන ආකාරය පිළිබඳ මේ වන විට ලෝකය පුරා ජාත්‍යන්තර මාධ්‍ය විවිධාකාර විවේචන එල්ල කරමින් තිබේ.
ජාත්‍යන්තර යුධ නීති සහ සදාචාරාත්මක පදනම් බිඳ දමමින් සිවිල් වැසියන්ට පවා ප්‍රහාර එල්ල කරන යුද්ධයක් බවට රුසියාව විසින් මෙය පත් කරගෙන තිබෙන බව සනාථ වෙමින් පවතී. යුක්රේනයේ සිට පලාගිය සරණාගතයින් හෙළිකර සිටින්නේ, රුසියාව සාමාන්‍ය නිරායුධ සිවිල් ජනතාව ඉලක්ක කර සී ප්‍රහාර එල්ල කරන බවත්, සිවිල් වැසියන්ට කරදර අතවර කරන අවස්ථාද තිබෙන බවත්ය. බොහෝ සරණාගතයින් අත, රුසියාව විසින් සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කරන ජංගම දුරකථන වීඩියෝ දර්ශන ද ඇති බවත් ඒවා රුසියාවට එරෙහිව යුද අපරාධ චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රබල බවත් වාර්තා වේ.