සාමයේ තෝතැන්න බවට පත්වූ ජල ආරවුලේ මූලාශ්‍රය


ජපානයේ කෘෂිකර්මාන්තයට පණ නල ලබාදෙන එරට වාරි කර්මාන්තය

.

Tokyo අසල දේශීය ගොවිබිම් වෙත ජලය ලබා ගැනීම සඳහා මුල් Edo යුගයේදී (1603-1867) නිර්මාණය කරන ලද වාරි ඇල පද්ධතියක් ඇති අතර එය කලක් බරපතල ජල ආරවුල් ඇති කරන මූලාශ්‍රයක් බවට පත්ව තිබූ නමුත් වර්තමානයේදී එහි චෙරි ගස් වලින් වැසී ඇති එක් නාලිකාවක් සක්මන් මළුවක් ලෙස සකස් කොට ඇවිදීම වැනි විනෝදාස්වාද කටයුතු සඳහා ලබා දී තිබේ .

 

1603 දී වැඩවසම් Edo shogunate පිහිටුවීමට පෙර, Tokugawa Ieyasu ගේ නියෝගයෙන්, වර්තමාන Kanagawa ප්‍රාන්තයේ Kawasaki නගරයේ Takatsu Ward හි Nikaryo ඇල ඉදිකිරීම 1597 දී  ආරම්භ කල අතර 1611 දී එහි වැඩ නිම කරන ලදී.  "Nikaryo" හි අර්ථය "භූමි දෙකක්" යන්නයි. ජල මාර්ග පද්ධතිය Kawasaki සහ Inage ප්‍රදේශ හරහා ගමන් කරන බැවින් මෙලෙස හදුන්වනු ලැබේ. 

 

1941 දී "Nikaryo Kuji Entoh Bunsui" නිම කිරීමට පෙර, විවිධ පළලින් යුතු නාලිකා කොටස් මගින් ගොවිබිම් වෙත ජලය බෙදා දී ඇති අතර, පහළට ඇති වාරි කෙත්වල ප්‍රමාණයන් මත එම නාලිකා වල පළල තීරණය කරන ලදී. නමුත් ඇළෙහි මැද වැඩි වන තරමට ගොවිබිම් වෙත ජලය ලැබෙන ප්‍රමාණය වැඩි වන බැවින් ජලය සාධාරණ ලෙස බෙදා හැරීම සම්බන්ධයෙන් මෙහි නිමක් නැති ආරවුල් ඇති වී තිබේ

154 Views

Comments