දූෂිත සහල් තෙල් විෂ වීමෙන් පීඩාවට පත් වූ ජපානයේ දරු පරම්පරාව


ජපානයේ දූෂිත ආහාර නිසා දරුවන් පීඩාවට ලක්වෙයි

.

අඩසියවසකට පමණ පෙර ජපානයේ දූෂිත සහල් නිවුඩ්ඩ තෙල් නිසා ඇති වූ දැවැන්ත ආහාර විෂ වීමේ රෝගයේ පසු ප්‍රථිපල තවමත් රෝගීන්ගේ පමණක් නොව ඔවුන්ගේ දරුවන්ගේ සහ මුණුබුරන්ගේ සෞඛ්‍යයට බලපාන බව පර්යේෂණ කණ්ඩායමක් විසින් කරන ලද නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

 

මෙම සහල් නිවුඩ්ඩ තෙල් 1968 දී Kitakyushu හි පිහිටි Kanemi Soko K.K. විසින් නිෂ්පාදනය කල අතර පසු කාලීනව එහි විෂ වීම් අනාවරණය වී තිබේ. මෙහි නිෂ්පාදන ක්‍රියාවලියේදී බහු ක්ලෝරිනීකෘත Biphenyls වලින් තෙල් දූෂිත වී, උනුසුම් වීම හේතුවෙන් එහි Dioxons ජනනය වී ඇති අතර එය පුද්ගලයන් 14,000 කට පමණ බලපා තිබේ . රෝග ව්‍යාප්තියේ මුල් දිනවලදී, චර්ම රෝග අසාමාන්‍යතා සහිත ළදරුවන් හෝ ඊනියා "කළු ළදරුවන්" උපත ලැබීය.

 

රජය විසින් පත් කරන ලද වෛද්‍යවරුන්ගෙන් සමන්විත පර්යේෂක කණ්ඩායම විසින් 2021 අගභාගයේදී "යූෂෝ රෝගය" ලෙස පොදුවේ හඳුන්වනු ලබන Kanemi තෙල් විෂ වීමේ රෝග ලක්ෂණ වලට ගොදුරු වූ ඊළඟ පරම්පරාවේ  සාමාජිකයන් පිළිබඳ සමීක්ෂණයක් සිදු කරන ලදී. 

 

ජපානයේ විශාලතම ආහාර දූෂණ සිද්ධීන්ගෙන් එකක් වන මෙමගින් සිදුවන සෞඛ්‍ය හානිය හඳුනා ගැනීමේ නිර්ණායක සංශෝධනය කිරීම ඇතුළුව, රෝගීන් සහ ඔවුන්ගේ දරුවන් සඳහා පුළුල් සහන ක්‍රියාමාර්ග හානියට පත්වූ පාර්ශවයන් වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටී.

Comments