විදෙස් ගත ශ්‍රමිකයින්ට ණය ..


විදෙස්ගත ශ්‍රමිකයින්ට ලබා දෙන ණය යෝජනා ක්‍රමය යාවත්කාලීන වෙයි -ඔබේ තොරතුරු ඉක්මනින් ලබා දෙන්න...

.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුග්‍රහයෙන් රාජ්‍ය බැංකු මඟින්  විගමණික ප්‍රජාව වෙත ලබාදෙනු ලබන විදේශගත වීමේ වියදම් සඳහා වන බැංකු ණය, නිවාස / ඉඩම් මිලදී ගැනීමට / නිවාස ඉදිකිරීමට / අළුත් වැඩියාව සඳහා වන නිවාස ණය හා ස්වයංරැකියා ණය ලබා දීමේ වැඩපිළිවෙළ වඩා විධිමත් කිරීම  කාර්යාංශයේ අරමුණ බැවින්  ඒ සඳහා උනන්දුවක් දක්වනු ලබන තැනැත්තන් පිළිබඳ තොරතුරු ගවේෂණය කිරීම සඳහා මාර්ගගතව සමීක්ෂණයක් කිරීමට නියමිතය.

 

ඒ අනුව කාර්යාංශ වෙබ් අඩවියට ඇතුළු වි (www.slbfe.lk

) මෙම සමීක්ෂණ මාර්ග ගත අයදුම්පත් සම්පුර්ණ කිරිමට හැකියාව තිබේ.

 

මේ සදහා ඔබ සහ ඔබ දන්නා ශ්‍රී ලාංකිකයන්ට මේ පිළිබඳව දැනුවත් කිරීමට ඔබගේ Facebook ගිණුම මඟින් share කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

 

වැඩි විස්තර සහ තොරතුරු සඳහා කළමනාකරු සුභසාධන

දුරකථන අංක 0094112864117

ඊමේල් ලිපිනය mgr_wel@slbfe.lk

mgr_wel2@slbfe.lk

 

උපුටා ගැනීමකි

Comments