ජපාන කෞතුකාගාරයේ දී මහජනතාවට විවෘත වූ රන් තේ කාමරය


ජපාන කෞතුකාගාරය නැරඹීමට පැමිණි මහජනතාවට රන් තේ කාමරය විවෘත වේ

.

16 වන සියවසේ වැඩවසම් යුධ අධිති Toyotomi Hideyoshi ගේ "රන් තේ කාමරයේ" අනුරුවේ පැවැත්වෙන "තේ උත්සවය" සාමාන්‍ය ජනතාවට අත්විඳීමට හැකිවන පරිදි නිරිතදිග ජපාන නගරයේ කෞතුකාගාරයක් විසින්  මැයි 2 දින නව වැඩසටහනක් දියත් කර තිබේ .

 

මෙම තේ කාමරය Saga ප්‍රාන්ත රජය විසින් ප්‍රතිසංස්කරණය කළ අතර මාර්තු මාසයේදී Saga Prefectural Nagoya Castle කෞතුකාගාරයේදී එය විවෘත කරන ලදී.  

 

කාමරයේ අභ්‍යන්තරය Tatami පැදුරු තුනක බිම් ප්‍රමාණයකින් යුක්ත වන අතර ඇතුළත සහ පිටත යන දෙකටම රන් පත්‍ර යොදා තිබේ .  ඓතිහාසික සාක්ෂි මත පදනම්ව, Tatami ගේ මතුපිට සඳහා තද රතු පාට ලොම් රෙදි භාවිතා කර ඇති අතර රතු සේද රෙදි භාවිතයෙන් කාමරයේ Sliding දොරවල් ආවරණය කර තිබේ.

Comments