නැවත ප්‍රතිජිවනය වන යුක්‍රේනියානු වැසියන්ගේ ජීවිත


යුධමය වාතාවරණය මධ්‍යයේ තම ජීවිත නැවත නගා සිටුවා ගැනීමට යුක්රේන ජනයා සූදානම් වෙයි

.

රුසියාවේ ආක්‍රමණයෙන් පලා ගොස් බටහිර ජපාන නගරයට පැමිණි යුක්‍රේනුවන් පිරිසක් විසින් සිය ජීවිතය නගා සිටුවා ගැනීම සඳහා රටේ ජාතික ආහාර වර්ග ට්‍රක් රථයකින් ගෙන ගොස් ජපානය තුළ අළෙවි කිරීම ආරම්භ කරන බව මැයි 2 වන දින නගර ශාලාවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කොට තිබේ.

 

මැයි 28 දින සිට 50 හැවිරිදි Iryna Yavorska සහ ඇගේ මව වන 80 හැවිරිදි Galyna Ivanova  විසින් Shiga ප්‍රාන්තයේ ජාතික නිධානය ලෙස සැලකෙන Hikone හි පිහිටි "Hikone Castle Resort Spa " ඉදිරිපිට  සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දිනවලදී "Blinchiki" නම් රසවත් පෑන්කේක් අලෙවි කිරීම සිදු කරනු ලබයි .

 

ක්‍රීම් චීස් සහ මුද්දරස්පලම් සහිත Blinchiki යෙන් 350කට සහ චිකන් සහ ළූණු සහිත ඒවා යෙන් 600කට  විකිණීමට සැලසුම් කර ඇත. ඔවුන්ගේ සාප්පුවේ නම "Faina" වන අතර යුක්‍රේනියානු වචනයක් "හොඳයි" යන්න එහි අර්ථය වේ .

 

"අපට සහයෝගය දක්වන ජපන් ජනතාව අපි අවංකවම අගය කරමු. යුක්‍රේනයෙන් ඉවත් වූ අනෙකුත් අයගෙන් නිර්භීතව බියෙන් තොරව ඉදිරියට යන ලෙස අපි ඉල්ලා සිටිමු" යනුවෙන් Iryna අදහස් දක්වමින් පැවැසීය.

140 Views

Comments