සුනඛයෙකුට තුවාල කළ සුරතලුන්ගේ රූපලාවන්‍යාගාරයකට නඩු


යෙන් 220,000 ක මුදලක් වන්දි ලෙස ගෙවීමට රූපලාවන්‍යාගාරයට නියෝග කර තිබේ.

.

Fukuoka නගරයේ සුරතලුන්ගේ රූපලාවන්‍යාගාරයක්  පවත්වාගෙන යන ආයතනයක් සහ එහි සේවකයින් පිරිසක් විසින් කාන්තාවකගෙන් යෙන් මිලියන 6.6 ක වන්දියක් ඉල්ලා තිබේ.

ඒ ඇය විසින් SNS හි සිදුකළ පළකිරීමකින් තම විශ්වසනීයත්වයට හානි වූ බවට චෝදනා කරමිනුයි.

2020 ජුනි මාසයේදී 30 හැවිරිදි අදාල කාන්තාවගේ සුනඛයාගේ කකුළට රූපලාවන්‍යාගාරයේ සේවකයෙකු තුවාල කළ බව පවසමින් ඇය සිය ගිණුමේ දැන්වීමක් දමා තිබේ.

කෙසේවෙතත් දෙපාර්ශවයේම කරුණු සැලකූ ෆුකුඕකා අධිකරණය විසින් තුවාල වූ සුනඛයාට යෙන් 220,000 ක මුදලක් වන්දි ලෙස ගෙවීමට රූපලාවන්‍යාගාරයට නියෝග කර තිබේ.

108 Views

Comments