යළිත් ඉහළ යන Tokyo හි Corona ව්‍යාප්තිය


ටෝකියෝ නුවරින් වාර්ථා වන කොරෝනා මරණ ගණන නැවතත් ඉහළ යයි

.

ජපානයේ අගනුවර වන Tokyo හි අද දින නව Corona අසාදිතයන් 4451 ක් සහ තහවුරු කරන ලද COVID-19 මරණ දෙකක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.

 

ටෝකියෝවේ Corona අසාදිතයන් වෙනුවෙන් නම් කරන ලද ඇඳන් 7229 න් 1098 ක් අද දින වනවිට පිරී ඇති අතර, භාවිතයේ ඇති ඇඳන් අනුපාතය 15.2% දක්වා වැඩිවී තිබේ. එමෙන්ම දරුණු රෝගීන් වෙනුවෙන් භාවිතයේ පවතින ඇඳන් සංඛ්‍යාව 4.4% දක්වා වැඩිවී ඇති අතර පවතින ඇඳන් 804 න් 35 ක් ආසාදිතයින් ගෙන් පිරී ගොස්‌ ඇති බව සඳහන් වේ. 

 

මැයි පළමු සතිය තුළ ජපානයේ අගනුවර නව Corona ආසාදිතයන්ගේ දෛනික සාමාන්‍යය   2961.4 ක් ලෙස සදහන් වී ඇති අතර එය ජපානයේ ප්‍රාන්ත 47 න් වැඩිම සංඛ්‍යාව ලෙස සැලකේ .

111 Views

Comments