Nagoya නගරයේ Atsuta Ward හි මුර සංචාරයේ යෙදී සිටි නිලධාරියෙකු විසින් බදාදා දින සවස 3.30 ට පමණ එම ස්ථානයෙන් ගමන් කරමින් තිබූ මෝටර් රථයක ජනේලයෙන් එළියට හිස දමාගෙන යන දරුවෙකු දැක ඇති අතර ඒ මොහොතේදීම පිරිමි රියැදුරාට වාහනය නවත්වන ලෙස පොලිස් නිලධාරියා අණ කර තිබේ.
නමුත් රියදුරු මෝටර් රථය නොනවත්වා ඉතා වේගයෙන් ධාවනය කර ඇති අතර වේගය පාලනය කර ගත නොහැකිව මීටර් 800ක් පමණ දුරින් තිබූ තවත් වාහනයක ගැටී තිබේ . අනතුර සිදුවූ වහාම රියදුරු මෝටර් රථයේ සිටි කාන්තාව සහ දරුවා දමා වාහනයෙන් බැස පයින් පලා ගොස් ඇති බවත් අනතුරින් කිසිඳු පුද්ගලයකුට තුවාලයක් සිදුව ඇති බවට වාර්තා වී නොමැති බවත් පොලිසිය පැවැසීය.
රියදුරු සිටින ස්ථානය සහ ඔහු පලා ගියේ මන්දැයි සොයා බැලීම සඳහා වාහනයේ ගමන් ගත් කාන්තාවගෙන් ප්රශ්න කරමින් විමර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව තවදුරටත් අදහස් දක්වමින් නිලධාරීන් කියා සිටියහ.