තර්ජනයට ලක්ව ඇති තණකොළ ආහාරයට ගන්නා සතුන්ගේ ආහාර වේල


ජපානයේ සත්වෝද්‍යානවල සතුන් කුසගින්නේ පසුවන බව ආරංචිවේ

.

ජපානයේ සත්වෝද්‍යානවල පිදුරු ලබාගැනීම බොහෝ දුරට ආනයනය මත රඳා පවතින බැවින් Corona වසංගතය මධ්‍යයේ ලොව පුරා සැපයුම් වලට බාධා ඇතිවීම නිසා තණකොළ ආහාරයට ගන්නා සතුන්ගේ ආහාර සුරක්ෂිත කිරීමට ජපානයේ සත්වෝද්‍යාන අරගල කරමින් සිටින බව වාර්තා වේ .

 

නාවික සමාගම් විසින් ඒකක පදනම මත හිමිවන අඩු ප්‍රතිලාභ හේතුවෙන් සත්ව ආහාර ආනයනය සඳහා අඩු ප්‍රමුඛතාවයක් ලබා දෙන බැවින් ආනයනය තවත් අසීරු වී ඇති නිසා සමහර සත්වෝද්‍යාන සතුන් සදහා ආදේශක ලෙස වෙනත් තෘණ වර්ග ලබා ගැනීමට ඉක්මන් වී ඇති ආකාරය දැකගත හැකි වේ .

 

මෙම වසරේ නොවැම්බර් සිට ජනවාරි දක්වා කාලය තුළ  ඔටුවන් සහ කැන්ගරුවන් සඳහා ප්‍රධාන ආහාරය ලෙස ලබා දෙන බර්මියුඩා තණකොළ ලබා ගැනීමට Ehime ප්‍රාන්තයේ Tobe හි Tobe සත්වෝද්‍යානයටද නොහැකි වී ඇති අතර තණකොළ මත නිදා ගන්නා සතුන් ද මෙහි බලපෑමට ලක්ව ඇති බව පැවැසේ .

108 Views

Comments