ටෝකියෝ ප්‍රදේශයේ විදුලි භාවිතය සීමා කරන ලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ


ටෝකියෝ නුවර විදුලිය භාවිතය සීමා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලයි

.

නව සතියක් සඳුදා සිට යළි ආරම්භ වන බැවින් ව්‍යාපාර නැවත විවෘත වන විට Tokyo නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල අධික උෂ්ණත්වය විදුලි බල පද්ධතියට පීඩනයක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කරන බැවින් පළමු වරට ජපාන රජය විසින් ඉරිදා දින  බලශක්ති භාවිත අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. 

 

"විශේෂයෙන්ම ඉල්ලුම අධිකව පවතින Tokyo විදුලි බල සමාගමේ සේවා ප්‍රදේශයේ සවස 3 සිට 6 දක්වා වූ කාලය තුළදී අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම වැනි  ක්‍රියාමාර්ග අනුගමනය කිරීම මගින් විදුලිය ඉතිරි කර ගැනීමට පියවර ගන්නා ලෙස" ආර්ථිකය, වෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශය   මහජනතාවගෙන් ඉල්ලා සිටි අතර ප්‍රදේශයේ සංචිත බල සැපයුම් ධාරිතා අනුපාතය සඳුදා වනවිට 5 % ට වඩා අඩු වනු ඇති බවට අපේක්ෂා කරන බැවින් මෙවැනි ඉල්ලීමක් සිදුකර තිබේ. 

 

එසේ වුවත් අධික ලෙස උෂ්ණ ඉහළ යාම හේතුවෙන් වායුසමීකරණ යන්ත්‍ර හොඳින් භාවිත කර තාප ආඝාත අවදානම අවම කර ගැනීමට වග බලා ගන්නා ලෙස ද අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

 

මේ හේතුවෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමේ අපේක්ෂාවෙන් රටේ ඊසානදිගට සේවය කරන Tohoku Electric Power Co. සහ මධ්‍යම ජපානයේ Chubu Electric Power Co. ඇතුළු ජපානය පුරා ව්‍යාප්තව සිටින අනෙකුත් ප්‍රධාන විදුලි සැපයුම්කරුවන්ගෙන්  මෙම ගිම්හානයේදී සැලකිය යුතු බලශක්ති දායකත්වයක් හිමිවනු ඇතැයි රජය බලාපොරොත්තු වනු ඇති බවට වාර්තා වේ.

148 Views

Comments