වැසිකිළිය තුළ අතැර දමා ගිය අලුත උපන් බිලිඳා


Osaka සාංචි වැසිකිළියක් තුළ අතහැර ගිය බිළිඳෙකු හමුවෙයි

.

Osaka ප්‍රාන්තයේ Sakai නගරයේ Sakai Ward හි හෝටලයක වැසිකිලියක් තුළ දමා ගොස් සිටියදී අලුත උපන් බිළිඳෙකු ලෙස සැලකෙන ගැහැණු දරුවෙකු මැයි 10 වැනිදා පෙ.ව 9.20 ට පමණ සොයා ගෙන තිබේ .

 

හෝටලයේ පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලයේ සේවකයන් විසින් අමුත්තන් වෙනුවෙන් වෙන් කර තිබූ කාමරයක වැසිකිළියේ වැසිකිළි බඳුනක දමාගිය පෙකණි වැල පවා කපා ඉවත් කර නොතිබූ නිරුවත් දැරිය සොයා ගත් අතර ඇයගේ ජීවිතයට තර්ජනයක් වන බාහිර තුවාල කිසිවක් නොමැති බව වාර්තා වේ .

 

Osaka ප්‍රාන්ත පොලිසියේ Sakai පොලිස් ස්ථානය මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව මත විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ප්‍රසූතියෙන් පසු කිසියම් අයෙකු ළදරුවා එහි දමා ගොස් ඇති බවට පොලිසිය විසින් සැක පළකොට තිබේ .

105 Views

Comments