ඔලිම්පික් ලංසුව ප්‍රවර්ධනය කිරීමට රැස්වූ ජපාන කමිටුව


ඔලිම්පික් උළෙල පැවතීමට ඇති බාධාව පිළිබඳව එහි කමිටුව හෙළිකරයි

.

ඔලිම්පික් උළෙල පැවැත්වීමට ඇති ලොකුම බාධාව එහි බිලියන ගණනක පිරිවැය බව ජපාන  ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියා වන Yasuhiro Yamashita විසින් අඟහරුවාදා පැවැති සමස්ත ජපාන කමිටුවේ රැස්වීමකදී පිළිගෙන තිබේ.

 

"උතුරු ජපන් නගරය ක්‍රීඩා උළෙලට ගොඩබසින්නේ නම්, සෑම ඔලිම්පික් උළෙලක් සඳහාම විශාල වියදමක් සහිතව කුඩා නව ඉදිකිරීම් අවශ්‍ය වනු ඇත" යනුවෙන් 2030 ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා Sapporo ගේ ලංසුව ප්‍රවර්ධනය කිරීම සඳහා වූ රැස්වීමේදී ඔහු පැවැසීය. 

 

පසුගිය වසරේ ප්‍රමාද වූ ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා නිල පිරිවැය ඩොලර් බිලියන 13.6 ක් වූ අතර අවම වශයෙන් එයින් 60% ක් පමණ මහජන මුදල් විය හැකි බවත් සමස්ත පිරිවැය ඊට වඩා බොහෝ සෙයින් වැඩි අගයක් ගන්නට ඇති බවත් රජයේ විගණනයන් විසින් යෝජනා කර තිබේ .

Comments