වසර 24 කට පසුව පහළම අගයකට වැටුණු යෙන් අගය


ඩොලරයට සාපේක්ෂව යෙන් අගය අවප්‍රමාණය වෙයි

.

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව යෙන් හි අගය වසර 24 කට පසු අවම අගය වාර්තා කරමින් ජුනි 21 වන අඟහරුවාදා දින 136 තරම් පහළ මට්ටමකට වැටී තිබේ. 

 

COVID-19 වසංගතයෙන් පීඩාවට පත් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මුදල් බලධාරීන් වර්තමාන ස්ථාවරය පවත්වා ගත යුතු බව පවසමින් අඟහරුවාදා දින අගමැති Fumio Kishida ජපාන බැංකුවේ අතිශය පහසු ප්‍රතිපත්තියට සහාය දක්වා ඇත .

 

උද්ධමනය මැඩපැවැත්වීම සඳහා අමතර පොලී අනුපාත වැඩි කිරීම සම්බන්ධයෙන් ෆෙඩරල් සංචිතයේ සූදානම ප්‍රකාශ කර ඇති පසුබිමක පසුගිය සිකුරාදා දින මහ බැංකුව විසින් සිදුකළ ප්‍රතිපත්ති වෙනස් කිරීමෙන් පසුව යෙන් හි අගය එක දිගටම අවප්‍රමාණය වීම ආරම්භ වූ බව සඳහන් වේ .

139 Views

Comments