2021 වසරේ ඉහළ ගිය Toyota හි මෙහෙයුම් ලාභය


corona අතරේ Toyota මෙහෙයුම් ලාභය ඉහළ යයි

.

ජපානයේ ගෝලීය Chip අර්බුදය සහ අඩාල වූ සැපයුම් දාම හේතුවෙන් ඇති වූ නිෂ්පාදන ධාරිතාව අවම විමේ බලපෑම උතුරු ඇමරිකාවේ සහ චීනයේ දැඩි ඉල්ලුම මධ්‍යයේ සමනය වීම නිසා පසුගිය මූල්‍ය වර්ෂය තුළ එහි මෙහෙයුම් ලාභය 36.3% කින් එනම් යෙන් ට්‍රිලියන 3 කින් ඉහළ ගොස් ඇති බව Toyota Motor Corp. බදාදා පැවැසීය. 

 

වාර්තාව අනුව ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදකයාගේ විකුණුම් 15.3% කින් එනම් යෙන් ට්‍රිලියන 31.38 දක්වා ඉහළ ගිය බැවින් මාර්තු 31 න් අවසන් වූ වසර තුළ සමාගම යෙන් ට්‍රිලියන 2.85 ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති බව පැවැසේ. එම ලාභය පෙර වසරට වඩා 26.9%  ක වාර්තාගත අගයකින් ඉහළයාමක් පෙන්නුම් කර තිබේ.

116 Views

Comments