යුරෝපා සංගම් නායකයින් සහ ජපාන නායකයා අතර සාකච්ඡා පැවැත්වේ


යුක්රේන අර්බුදයට විසඳුම් සෙවීමට ජපානය හා යුරෝපා සංගමය අතර සාකච්ඡා ආරම්භ වෙයි

.

යුක්‍රේනයේ අර්බුදයට ප්‍රතිචාර සම්බන්ධීකරණය කිරීම සහ භෞමික තත්ත්වය වෙනස් කිරීමට ඕනෑම රටක් ගනු ලබන උත්සාහයන්ට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම අරමුණු කරගනිමින් ජපානයේ සහ යුරෝපා සංගමයේ නායකයෝ රැස්වී බ්‍රහස්පතින්දා සාකච්ඡා පවත්වා තිබේ .

 

ජපාන අගමැති Fumio Kishida , යුරෝපීය කොමිසමේ සභාපති Ursulab von der Leyen සහ යුරෝපීය කවුන්සිලයේ සභාපති Charles Michel ටෝකියෝ හි පැවති රැස්වීමේදී  "නිදහස් සහ විවෘත" ඉන්දු පැසිෆික් කලාපයක් පිළිබඳ ඔවුන්ගේ දැක්ම පිළිබඳව  සිය අදහස්‌ දක්වා ඇත. 

 

නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සාක්ෂාත් කර ගැනීම සඳහා යුරෝපීය සංගමය සමඟ එක්ව කටයුතු කරන බව පවසමින් "රුසියාවේ යුක්‍රේනය ආක්‍රමණය ජාත්‍යන්තර නීතියේ අත්තිවාරම සොලවයි" යනුවෙන් කිෂිඩා රැස්වීම ආරම්භයේදීම ප්‍රකාශ කළේය.

Comments