අමෙරිකානු ජනපතිගේ එළැඹෙන ජපන් සංචාරය


ඇමරිකානු ජනාධිපතිගේ ජපාන සංචාරය ලඟදීම ඇරඹේ

.

ආර්ථික ආරක්ෂාව සඳහා ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස එක්සත් ජනපද ජනාධිපති Joe Biden මේ මස අගදී සිදු කිරීමට නියමිත ජපාන  සංචාරයේදී Tokyo හි අභ්‍යවකාශ ආශ්‍රිත පර්යේෂණ මධ්‍යස්ථානය නැරඹීමට සලකා බලමින් සිටින බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පැවැසීය .

 

චීනය සහ රුසියාව සමඟ ආර්ථිකය සහ යුධ කටයුතු වලදී, අභ්‍යවකාශ හා ඉහළ තාක්‍ෂණ ක්ෂේත්‍රවල පවතින තරඟකාරිත්වය තීව්‍ර කර ඇති අවස්ථාවක එක්සත් ජනපද නායකයන්ගේ මෙම ජපාන සංචාරය සිදුකෙරේ. 

 

Tokyo හි Nihonbashi දිස්ත්‍රික්කයේ පිහිටා ඇති 2020 දී විවෘත කරන ලද X-Nihonbashi Tower නම් වූ මෙම කුළුණ, අභ්‍යවකාශ ව්‍යාපාරික දේශන, සහයෝගීතා සහ සම්මන්ත්‍රණ අවකාශයන්ගෙන් සමන්විත වේ.

117 Views

Comments