බටහිර ජපානයේ Osaka ප්‍රාන්තයේ බස් රථ ක්‍රියාකරුවෙකු වන Osaka Metro Group විසින් යෙන් 22,000 ක මාසික ගාස්තුවක් සඳහා තමන් කැමති ස්ථානවල බස් නැවතුම් පොළවල් නිර්මාණය කිරීමට දේශීය සමාගම්වලට සහ අදාළ ආයතන වෙතට අවස්ථාව සලසා දීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මීට පෙර තීරණය කරන ලද මාර්ගවල ගමන් කරනු ලබන සාමාන්‍ය බස් රථ සේවා මෙන් නොව, නව ක්‍රමය යටතේ ඉල්ලා සිටින සෑම අවස්ථාවකම මගීන් අදාළ දුම්රිය ස්ථාන වෙත රැගෙන යා හැකි වන පරිදි "ඉල්ලුම මත සැපයෙන බස් රථ සේවාව" හදුන්වා දී ඇති අතර සමාගමේ ආදායම වැඩි දියුණු කිරීම එහි අපේක්ෂාව ලෙස දක්වා තිබේ.
ස්මාර්ට්ෆෝන් යෙදුමක් හෝ දුරකථනයක් හරහා සිදු කෙරෙන වෙන් කිරීම් මත පදනම්ව මෙම සේවාව ක්‍රියාත්මක වන අතර ඇතැම් ප්‍රදේශ තුළ කෘතිම බුද්ධිය විසින් තෝරා ගන්නා ලද කෙටිම මාර්ග ඔස්සේ මෙම බස් රථ ඒවායේ ගමනාන්තය දක්වා ධාවනය කිරීම සිදු වේ.