සැනසිල්ලේ කාන්තාවන්ගේ ප්‍රතිමාව ඉවත් කිරීමට උදව් ඉල්ලු ජපන් අගමැති


Comfort woman පිළිරුව ඉවත් කිරීමට ජපානය ජර්මනියේ සහාය පතයි

.

ජපානයේ යුද කාලීන හමුදා ගණිකා නිවාසවල කොරියානු "සැනසිලි කාන්තාවන්" සංකේතවත් කරන බර්ලිනයේ පිළිමයක් ඉවත් කිරීමට උපකාර කරන ලෙස ජපාන අගමැති Fumio Kishida ජර්මනියේ චාන්සලර් Olaf Scholzගෙන් ඉල්ලා සිටි බව රජයේ  ප්‍රකාශකයා බදාදා සදහන් කළේය.

 

අප්‍රේල් මස අග ටෝකියෝ නුවර පැවැති නායකයින් දෙදෙනාගේ සාකච්ඡා වලදී Kishida විසින් මෙම ඉල්ලීම සිදුකර ඇති නමුත් ජපානය සහ දකුණු කොරියාව අතර සබඳතා වල පවතින ගැටළු 1910-1945 කොරියානු අර්ධද්වීපයේ ජපන් යටත් විජිතකරණය දක්වා පැතිර පවතී. 

 

පළාත් පාලන ආයතන විසින් වසරක් සඳහා ප්‍රතිමාව ස්ථාපනය කිරීම අනුමත කිරීමෙන් පසුව 2020 සැප්තැම්බර් මාසයේදී Mitte හි මධ්‍යම බර්ලින් දිස්ත්‍රික්කයේ මෙම ප්‍රතිමාව ඉදිකළ නමුත් පසුව අනුමැතිය තවත් වසරකින් දීර්ඝ කොට තිබේ .

Comments