ගිම්හානය එළඹීමත් සමඟ උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් සමාජ දුරස්ථභාවය පවතින එළිමහන් ස්ථානයක සිටින විට Corona වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මුව ආවරණ පැළඳීම අත්‍යාවශ්‍ය නොවන බව ජපාන රජයේ ඉහළ ප්‍රකාශක විසින් බදාදා නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.
"රටේ Corona වෛරස තත්ත්වය නිරීක්ෂණය කිරීම සහ වෛද්‍ය විශේෂඥයින් සමඟ සාකච්ඡා කොට
උපදෙස් ලබා ගැනීම මගින් රජය ප්‍රති-වයිරස ක්‍රියාමාර්ග සමාලෝචනය කරමින් සිටින බව" ප්‍රධාන කැබිනට් ලේකම් Hirokazu Matsuno ප්‍රකාශ කළේය.
"මුව ආවරණ නොමැතිව සමීප පුද්ගලයින් සමඟ කතා කිරීම වැනි ඉහළ අවදානම් හැසිරීම් වලින් වැළකී ප්‍රමාණවත් දුරක් තබා එකිනෙකා සමඟ කතා කිරීමට නොහැකි නම් ජනයා මුව ආවරණය පැළඳීම අවශ්‍ය වේ "යනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් විසින් මේ පිළිබඳව අදහස් දක්වා තිබේ.