වසංගතය දුරු කිරීම අරමුණු කරගනිමින් දුප්පත් රටවලට අධාර සපයන ජපානය


කොරෝනා වසංගතයේ න් මිදීමට ලොව පුරා දුප්පත් රටවල් වලට ජපානය තවදුරටත් ආධාර සපයයි

.

Corona වසංගතය මැඩපැවැත්වීමේ උත්සාහයන් ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් සංවර්ධනය  වෙමින් පවතින රටවල  Corona වෛරස වසංගතය මැඩ පැවැත්විම සදහා ගනු ලබන අත්‍යාවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා ඩොලර් බිලියන 5 ක් වටිනා සමුච්චිත ආධාර ලබා දීමට ජපාන රජය සුදානම් බව අගමැති Fumio Kishida බ්‍රහස්පතින්දා පැවැති ගෝලීය සමුළුවකදී නිවේදනය කළේය. 

 

"ජපානය එන්නත් කිරීම ප්‍රවර්ධනය කිරීම දිගටම සිදු කරගෙන යන අතර එමඟින් වසංගතයේ අවසානයක් ලෝකයට දැකගත හැකි වේ. එමෙන්ම අනාගත වසංගත සඳහා සූදානම් වීම වෙනුවෙන් ගෝලීය සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට ජපානය සිය කාර්යභාරය ඉටු කරන බවට " වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් Kishida  ප්‍රතිඥා දුන්නේය.

 

එමෙන්ම අප්‍රිකාවේ එන්නත් සහ ඖෂධ දේශීය නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහා ජපානය ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය හරහා ඩොලර් මිලියන 200ක් ලබා දෙන බවද ඔහු පැවසීය.අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට එන්නත්, පරීක්ෂණ සහ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ඇති හැකියාව සහතික කිරීම සහ අනාගත සෞඛ්‍ය අර්බුද වළක්වා ගැනීම අරමුණු කරගනිමින් මෙම සමුළුව පැවැත්විණි.

Comments