බාධක මධ්‍යයේ වුවත් සිය ලාභ අපේක්ෂාවන් අත්කරගත් Nissan සමාගම


Nissan සමාගම ඔවුන්ගේ ලාභ අපේක්ෂා සම්පූර්ණ කරගනී

.

ජපානයේ මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Nissan Motor Crop. වසංගතය සහ ඉහළ යන වියදම් හේතුවෙන් ඇති වූ සැපයුම් හිඟය වැනි අභියෝග නොතකා, වසර තුනකට පසු පළමු වරට පසුගිය මූල්‍ය වර්ෂයේ සිය ලාභය කරා නැවතත් ළඟා වූ බව නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය .

 

පසුගිය මූල්‍ය වර්ෂයේ වාර්තා වූ යෙන් බිලියන 448.7 ක අලාභය ආපසු හරවමින් මේ වසරේ මාර්තු මාසය දක්වා වූ මූල්‍ය වර්ෂය තුළ යෙන් බිලියන 215.5 ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමාගම සමත් වී තිබේ. 

 

කෙසේ වුවත‍් ඉදිරි මාසවලදී අර්ධ සන්නායක සැපයුම් හිඟය නිශ්පාදන කටයුතු සඳහා අභියෝගයක් වනු ඇති බව Nissan ප්‍රධාන විධායක Makoto Uchida අදහස් දක්‌වමින් ප්‍රකාශ කළේය.

137 Views

Comments